ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශනයට සහභාගිවීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ සෙබළ කණ්ඩායමක් ඊයේ (27) මෙරටට ළඟාවිය.
ඒ සමග ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් කණ්ඩායමක්ද මෙරටට පැමිණියේය.
ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදා අතර තිබෙන මිත්‍රත්වයේ දිගුවක් ලෙස මෙම කණ්ඩායම මෙරටට පැමිණි අතර ඊට ඉන්දීය ගුවන් හමුදාවට සහ ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානා 23 ක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවත්වන සංදර්ශනයට එක්කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය අනිද්දා ට (2) වැනිදා යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ උත්සවය සහ ගුවන් සංදර්ශනය ලබන 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති