පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිපති දප්පුලද ලිවේරා මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.ඒ, එම පහරදීමට සම්බන්ධ පොලිස් නිළධාරින්ට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීම හෝ වැඩ තහනම් කිරීම ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින්.සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එමගින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් කැඳවීමට නීතිපතිවරයා ගත් තීරණයද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා යොමුකර ඇති ලිපිය මගින් ඇගයීමට ලක්කර තිබෙනවා.එමෙන්ම චෝදනාවට ලක්ව ඇති පොලිස් නිළධාරින් සැකකරුවන් ලෙස සළකා වහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි නීතිඥ සංගමය නීතිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
නීති සිසුවාට පහරදීම ගැන නීතිඥ සංගමයෙන් නීතිපතිට ලිපියක්

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්