හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ මහතා කලක පටන් රෝගාතුරවී සිටියා.
1953 වසරේ දී උපත ලැබූ අනුර සේනානායක මහතා 1973 වසරේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වුණා.
පොලිස් සේවය තුළ විවිධ තනතුරු හෙබවූ ඒ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී 2015 වසරේදී විශ්‍රාම ගියා. අපරාධ රැසක් මැඩ පැවැත්වීමට ක්‍රියාකළ අනුර සේනානායක මහතා අවධානම් සහගත රාජකාරී රැසක්ම ඉටු කර තිබෙනවා.
පසුගිය යහපාලන රජය සමයේදී දේශපාලන පලිගැනීමට ලක්වූ ඔහු වසරකට අධික කාලයක් සිරගත කොට තැබුවා. පොලිස් සේවයේදී ඉටුකළ මෙහෙය වෙනුවෙන් ඔහුට ඇගයීම් රැසක් ලැබී තිබෙනවා.
විශිෂ්ට පොලිස් නිලධාරියෙකු සේම කලාකරුවෙකුද වන ඔහු දක්ෂ ගායකයෙක්. මාගේ කිරිල්ලි, සද කිදුරු කිදුරියන් වැනි ජනප්‍රියම ගීත රැසක්ම අනුර සේනානායක මහතා ගායනා කළා.
ඒ මහතාගේ දේහය මේ වනවිට අංක 53 මාදින්නාගොඩ පාර රාජගිරිය යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. බොරැල්ල පොදු සුසාන භූමියේදී අනිද්දා පස්වරුවේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති