අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගය ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාව නොලැබීම හේතුවෙන් පරාජය වී තිබෙනවා.
කැපිටල් මන්දිරයේ පසුගියදා ඇතිවු නොසන්සුන් තත්වයට ආධාරකරුවන් පෙළඹවූ බවටයි එමගින් චෝදනා කර තිබුණේ.
රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභිකයන් 07 දෙනෙකු ද ඇතුළත්ව ඊට පක්ෂව හිමි වූයේ ඡන්ද 57 ක් පමණයි.
කෙසේවෙතත් තුනෙන් දෙකක බහුතරයෙන් යෝජනාව සම්මත වීම සඳහා ඡන්ද 67 ක් ලබාගැනීම අත්‍යවශ්‍ය වුණා.
දෝශාභියෝගයෙන් තමා ජයගැනීම ගැන අතිශය සතුටට පත්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් මහතා කියාසිටියේ.
කිසියම් අයුරකින් මෙහිදී ඔහු පරාජයවූයේ නම් නැවත කිසිදු දිනක ජනාධිපති ධුරය දැරිය නොහැකි වීමේ අවදානමක් පැවතියා.
කෙසේවෙතත් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තවමත් අවස්ථාව පවතිනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්