බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කර සිටින 35 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතය අද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටි අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හැර සෙසු සියලු දෙනා එම පරීක්ෂණය සමත්ව තිබෙනවා. පරිසාධන මට්ටම ඉහළින්ම සමත්ව තිබෙන්නේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවති මෙම යෝග්‍යතා පරීක්ෂණයේදී කිලෝමීටර් දෙකක දුරක් මිනිත්තු 8.35 කදී දිවීමේ අභියෝගයට මුහුණදීමට සමත් විය.
ආබාධ හේතුවෙන් ධනන්ජය සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු මෙම පරීක්ෂණයට සහභාගි නොවූ අතර කුසල් මෙන්ඩිස් සිය විවාහ මංගල්‍යය හේතුවෙන් සහ ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතය සිටින බැවින් යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වී නොමැත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති