කොවිඩ් ආසාදිත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අයි.ඩී.එච් රෝහලට මාරුකර යවා තිබෙනවා.
ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මේ අතර ආසාදිතයන් 826ක් හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 65 දහස් 698 දක්වා ඉහල ගියා.
කොරෝනා ආසාදිතව මියගිය මෙරට පළමු වෛද්‍යවරයා වූ ගයාන් දන්තනාරායන මහතා ද ඇතුළුව මරණ 7ක් වාර්තා වීම හේතුවෙන් මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 330ක්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ කොළඹ 2 ප්‍රදේශයේ මාස 18ක පිරිමි දරුවෙකු ද මියගොස් ඇති බවයි.
වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව සහ ගෙලිඔය ප්‍රදේශවලින් අනෙක් මරණ වාර්තා වී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති