මියන්මාරයට එරෙහිව යළිත් සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවා තිබෙනවා. ඔහු මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ, මියන්මාරයේ පාලනය හමුදාව අතට පත්වීම හේතුවෙනි.
දශකයක් පමණ පුරා පැවති හමුදා පාලනය අවසන් වීමෙන් පසුව මියන්මාරයට එරෙහිව පැවති සම්බාධක ඉවත් කරන ලද්දේ, මෑතකදීය.
අවුන් සාන් සූ කී ප්රමුඛ පාලක පක්ෂයේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගනිමින් එරට පාලන බලය හමුදාව අතට ගනු ලැබුවේ, පසුගියදායි.
මියන්මාරය හමුදා පාලනයට නතු කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය විවේචන එල්ල කර තිබෙනවා.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්