විදුලිසැර වැදීමෙන් මිය ගිය වනඅලින් දෙදෙනෙකුගේ සිරුරු මැදිරිගිරිය, දහම්වැව ප්‍රදේශයේ වගාබිමක තිබී හමුව තිබේ.
වගාබිම ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයෙකු විසින් ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී අද (30) අලුයම එම වනඅලි දෙදෙනා මියගොස් තිබුණා.
එලෙස මියගොස් ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 20ත් 30ත් අතර වු වන අලියෙකු සහ කෙනෙරකි.
මියගිය වනඅලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද ගිරිතලේ වනජීවි පශූ වෛද්‍ය ඒකකය විසින් සිදුකිරීමට නියමිතය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්