ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු, පළමුවැනි -දිය යට කෞතුකාගාරය- පසුගියදා ගාල්ලේදී විවෘත කෙරිණ. මෙම කෞතුකාගාරය විවෘත කෙරුණේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
නාවික හමුදාපතිවරයා දිය යටදී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කළා. ගාල්ල මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කිරීමට පූර්ණ දායකත්වය ලබා දුන්නේ නාවික හමුදාවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව, නාවික හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ඉදි කෙරුණු බව නාවික හමුදාව සඳහන් කළා. සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍යවලින් මෙම දිය යට කෞතුකාගාරය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
ගාලු වරාය තුළ අඩි 50ක් පමණ ගැඹුරට පිහිටා ඇති මෙම කෞතුකාගාරයෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද නිමැවුම් රැසක් තැන්පත් කර තිබෙනවා.
මෙම ව්‍යපෘතිය ආරම්භ කිරිමෙන් පසු එහි මූලික අවධිය තුළ මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සඳහා ධීවර ප්‍රජාව කටයුතු නොකළ යුතු බවද නාවික හමුදාව සඳහන් කළා. මේ ආකාරයේ කෞතුකාගාර දෙකක් ත්‍රිකුණාමලයේ සහ තංගල්ලේ ද ඉදි කිරීමට අපේක්ෂිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති