ප්‍රධාන පෙළේ විෂබීජනාශක දියර නිෂ්පාදන ආයතනයක නාමය භාවිත කරමින් ව්‍යාජ විෂබීජනාශක දියර අලෙවි කළ මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහනුවර අලිමුඩුක්කුව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදීයි.
අදාළ අලෙවිසැළේ තිබී අලෙවිය සඳහා සුදානම් කර තිබු ව්‍යාජ විෂබීජනාශක දියර තොගයක් සහ අලෙවි කරමින් සිටි විෂබීජනාශක දියර බෝතල් කිහිපයක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
ප්‍රධාන පෙළේ විෂබීජනාශක දියර නිෂ්පාදන ආයතනයක වෙළෙඳ නාමය භාවිත කරමින් එම දියර අලෙවි කර ඇති බවට ලැබූ පැමිණිලි හේතුවෙන් වැටලීම සිදුකර තිබෙනවා.
මේ වන විටත් එම ව්‍යාජ විෂබීජනාශක දියර දිවයින පුරා බෙදාහැර ඇති බවයි පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම් මගින් අනාවරණය වී ඇත්තේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්