ඇතැම් මාධ්‍යයන් මඟින් කොරෝනා රෝගයට ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස ප්‍රචාරය කළ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් සකස් කර ඇති කොරෝනා පැණිය මේ වන විට ප්‍රකට අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ විකිණීමට යොමුකොට තිබෙනවා.
එම දැන්වීමට අනුව බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 250කි. එය ලංකාවේ මුදලින් රුපියල් 48,500කි.
එමෙන්ම තැපැල් ගාස්තුව සඳහා ඩොලර් 10ක අමතර මුදලක්ද අය කරන බව සඳහන්ව ඇත.
මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ කොරෝනා වැක්සින් යනුවෙන් නම් කරමින් ප්‍රචාරය කර ඇති මෙම දැන්වීම සඳහා ධම්මික බණ්ඩාර කපුවා විසින් කතානායකවරයා වෙත කොරෝනා පැණිය ලබාදෙන ආකාරයේ ඡායාරූප, සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා පැණිය බොන අවස්ථාව, කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස අසල කොරෝනා පැණිය ලබාගැනීමට පොරකන ජනතාවගේ ඡායාරූප පළකරමින් මෙම දැන්වීම සකස් කර තිබීමය.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති