හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (07) අභියෝග කළේය.
ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතා (06) වන දින කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
කෝවිඩ් දේහ භුමදානය කරන්නේද? ආදාහනය කරන්නේද? යන්න සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව පසුගිය ඉරිදා කැඳවූ මාධ්‍ය හමවුකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ දිනයෙත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
“අසාද් සාලිව වහාම අත්අඩංගුවට ගන්නලු. මොන රෙද්දකට ද? අසාද් සාලිව අත්අඩංගුවට ගන්නකෝ. විමල්ට අභියෝගය ක් අසාද් සාලි ගෙන්. මේ මරණයක් උස්සගෙන දේශපාලනය කරනවා.” යනුවෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා එහිදී පැවසීය.
මේ අතර මාධ්‍ය හරහා ජාතීන් අතර වෛරය ඇතිවන තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට අදාළව අසාද් සාලි මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ සභාපති මනෝජ් ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේ “අසාද්සාලි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්තවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයක් කරනු ලැබුවා. තර්ජනාත්මක ප්‍රකාශයක්.” යනුවෙනි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති