Lanka Plus News

www.lankaplusnews.com

වසර 10ක් පුරා හෝමාගම පොලීසිය කළ හොරකමක් හෙළිවෙයි

වසර 10ක සිට හෝමාගම පොලීසිය විසින් නීතිවිරෝධී අයුරින් නළ ජලය ලබාගෙන ඇති බව අද (07) අනාවරණය වුණා.

හෝමාගම පොලීසිය නීතිවිරෝධී ලෙස ජලය ලබාගන්නා බවට ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය අද එහි ගොස් මෙම නීතිවිරෝධී නළ මාර්ගය සොයාගෙන තිබෙනවා.

විසන්ධි කරන ලද මාර්ගයක් ඔස්සේ මෙලෙස නීතිවිරෝධී ලෙස ජලය ලබාගෙන ඇති අතර එම සම්බන්ධතාවය අත්හිටුවීමට එම මණ්ඩලය කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර ඔවුන්ට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කට වැඩි බවයි වාර්තා වෙන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com