සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට සිට වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6ක් මෙන්ම පුත්තලම මාර්ගයේ ගමන් වාර 26ක් මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ.
මෙම ගමන් වාර දුම්රිය කාලසටහනට එක් කර ඇති අතර, දුර ගමන් සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්