ඇට්ලාන්ටා පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරින් කළුජාතික පුද්ගලයෙකු මියයාම ඝාතනයක් බව ප්‍රාන්ත අධිකරණ වෛද්‍ය නිලධාරියා අද නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රේෂාඩ් බෘෘක්ස් නමැති කළු ජාතිකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු පලා යාමට උත්සහ කිරීම හේතුවෙන් පොලීසිය ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.
ඇට්ලන්ටා පොලීසිය සිද්ධියට අදාළ නව දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මෙම කළු ජාතික මරණයත් සමග අමෙරිකාව තුළ ක්‍රියාත්මක විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
එමෙන්ම ඇට්ලාන්ටා පොලීසියේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඝාතනය සිදු කළ නිලධාරියා සේවයෙන් පහ කළ බවයි වාර්තා වන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්