Lanka Plus News

www.lankaplusnews.com

8 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් වෘත්තීය නියෝජිතයින් ලියාපදිංචි කිරීම ඇරඹේ

8 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් වෘත්තීය නියෝජිතයින් ලියාපදිංචි කිරීම පසුගිය 6 වනදා සිට ආරම්භ විය.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් මස 5 වනදා සිට 10 වනදා දක්වා ශැංහයි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. විස්තීර්ණ ජාතික ප්‍රදර්ශන, ව්‍යවසාය ප්‍රදර්ශන, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය මෙන්ම අදාළ විවිධ ක්‍රියාකාරකම් සහ සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම්වලින් ද අඛණ්ඩව 8 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සමන්විත වේ.

2018 වසරේදී පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් පසු 180කට වැඩි රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන ඊට එක්ව තිබේ. සමස්තයක් වශයෙන් විදේශ සමාගම් 23000ක් පමණ එම ප්‍රදර්ශනයට එක් වී ඇති අතර අත්සන් තැබූ ගිවිසුම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 500 ඉක්මවා ගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com