Lanka Plus News

www.lankaplusnews.com

62 හැවිරිදි කාන්තාවට අත්වූ ඉරණම

රඹුක්කන හේනේපොල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් බිරිඳ ඝාතනය කිරීමේ කනගාටුදායක පුවතක් අපට වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත මුගුරකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවටයි.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

එම අඹුසැමි යුවළ අතර කලක සිට පවුල් ආරවුල් පැවති නිසා සිය දියණිය විසින් මහනුවර ප්‍රදේශයේ ඇගේ නිවසට පියාව රැගෙන ගොස් ඇති අතර පැවති නඩු කටයුත්තක් සඳහා සැකකරු නැවත නිවසට පැමිණ සිටිය දී මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.

ඝාතනයට සම්බන්ධ 65 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com