විදේශ රටවල් 8 ක සේවය කරන වයස 60 ට වැඩි තානාපතිවරුන්ට ඔක්තෝබර් 4 දාට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කර ඇත.
නිව්යෝර්ක් සිට ෂෙනුකා සෙනෙවිරත්න, කැනඩාවේ සිට අශෝක ගිරිහාගම, ස්වීඩනයේ සිට සුදන්ත ගනේගමආරච්චි, ඊජිප්තුවේ සිට දමයන්ති රාජපක්ෂ, කියුබාවේ සිට ඒ. එල්. රත්නපාල, නෙදර්ලන්තයේ සිට සුමිත් නාකන්දල සහ ටෝකියෝ සහ චීනය යන රටවල තානාපති නිලධාරීන්ද මෙලෙස ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි සඳහන්.
මේ අතර චීනයේ නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් පාලිත කොහොන මහතා සහ ප්‍රංශයේ තානාපතිනි ලෙස හිටපු උපකුලපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර තිබේ.
මීට අමතරව ජපානයේ නව තානාපති ලෙස ඇමරිකානු ව්‍යාපාරික සන්ජීව් ගුණසේකර මහතාද, හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථානයේ තානාපති ලෙසද පත් කර තිබෙනවා.
රජය තානාපතිවරු රැසක් කැඳවා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති