එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
ඒ අනුව සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරයි.
“මේක දිනපතාම කෙරෙන වැඩපිළිවෙලක්. මේ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. අපි ලබාදීලා තියෙනවා ඉල්ලුම් පත්‍රයක්. ඒක නිවසේදී පුරවාගෙන ආවොත් එන්නත ඉතාමත් ඉක්මණින් ලබාගන්න පුළුවන්.” යනුවෙන් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්