එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය ඊයේ (21) ගෝලීය වශයෙන් වැදගත් නව කෘෂිකාර්මික සංස්කෘතික උරුම ලෙස ව්‍යාපෘති 6ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතරට චීනයේ ව්‍යාපෘති 3ක් ඇතුළත් ව තීබීම විශේෂත්වයකි.
චීනයේ Zhejiang පළාතේ Deqing මිරිදිය මුතු සංයුක්ත අභිජනන ධීවර පද්ධතිය , Fujian පළාතේ Fuding හි සුදු තේ වගා සංස්කෘතික පද්ධතිය හා Gansu පළාතේ Gaolan Shichuan හි පුරාණ පෙයාර්ස් වතු පද්ධතිය නවතම කෘෂිකාර්මික සංස්කෘතික උරුම පද්ධති ලෙස ඇතුළත් කර ඇත. ඒ අනුව මේ වනවිට එක්සත් ජාතීන්ගේ ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික සංස්කෘතික උරුම පද්ධති පිළිබඳ ලැයිස්තුවේ චීනය පෙරමුණ ගන්නා අතර ඊට චීනයේ ව්‍යාපෘති 25ක් ඇතුළත් වේ.


More Stories
ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ප්‍රතිපත්තියට එරෙහිව චීනයෙන් යෝජනාවක්
චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ නිල නොවන රැස්වීමෙන් ප්‍රතිඵල රැසක්
4වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන මාසයේ චීනයේදී