“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
ඊයේ (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය ඒ බව ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ ඇමරිකාව සාධාරණ සංවාදයකින් නිසි ලෙස සියලු පාර්ශවයන්ගේ ගැටළු සැලකිල්ලෙන් විසඳිය යුතු බවයි.
ආනයනික මෝටර් රථ, වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමරිකාවේ “232 තීරුබදු පියවර” සහ ආනයනික ඖෂධ පිළිබඳ “232 සමීක්ෂණය” ඒකපාර්ශ්වික සහ ආරක්ෂණවාදයේ ක්‍රියාවක් බව ඇය පෙන්වා දුන්‍නාය. එය සෙසු රටවල අයිතිවාසිකම් සඳහාත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට මෙන්ම ඇමරිකාවේ කර්මාන්ත සංවර්ධනයටත් හානියක් බව He Yongqian මහත්මිය කියා සිටියාය.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ
2025 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් මාසයේ බෙයිජිංහිදී