21වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ

21වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ(22) දකුණු චීනයේ Shenzhen නගරයේ ආරම්භ විය.

දින 5ක් පුරා මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශන කලාපයක් ද පිහිටුවා ඇත. කෘත්‍රිම බුද්ධි සමාගම් 60කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට සහභාගි වී සිටී.

AI පූර්ණ-යෙදුම් අවස්ථා ඉදිරිපත් කිරීම, AI සම-නිර්මාණය හා අන්තර්ක්‍රියා ආදිය හරහා තාක්ෂණය සහ මානව ශාස්ත්‍ර ඒකාබද්ධ කිරීමේ නව අත්දැකීම් එමගින් ලබා දෙයි.

කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශන කලාපයේ, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ සමාගම් 60කට අධික ප්‍රමාණයක් විසින් නව ගුණාත්මක ඵලදායීතාව, සංස්කෘතික කර්මාන්තයේ නව ව්‍යාපාර ආකෘති සහ නව පාරිභෝගික රටා ඉදිරිපත් කර ඇත.

මෙවර ප්‍රදර්ශනයට රටවල් හා කලාප 65ක ව්‍යවසායන් 305ක් මාර්ගගතව හා මාර්ගගත නොවන ආකාරයෙන් සහභාගි ව සිටී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com