2024 වසරේ චීන ජාතික සැසිවාර දෙක පැවැත්වීමට නියමිත බැවින්, බෙයිජිං නගරයේ බටහිර චැංගන් වීදියේ උතුරු මාධ්‍ය මධ්‍යස්ථානයේ දී එම සැසිවාර දෙකෙහි මාධ්‍ය කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක ප්රවෘත්ති මධ්‍යස්ථානය අද(27) නිල වශයෙන් විවෘත කෙරිණ.
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය පිළිවෙලින් මාර්තු 5 වැනිදා සහ මාර්තු 4 වැනිදා බෙයිජිං නගරයේ දී ආරම්භ වනු ඇත. මෙම ප්රවෘත්ති මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව, ජාතික සැසිවාර දෙකෙහි මාධ්‍ය ආවරණය සඳහා චීන සහ විදේශීය වාර්තාකරුවන් 3,000 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇත. දේශීය වාර්තාකරුවන් 2,000 කට වැඩි පිරිසක් ද, හොංකොං, මැකාවෝ සහ තායිවානයේ වාර්තාකරුවන් 1,000 කට වැඩි පිරිසක් මෙන්ම විදේශීය වාර්තාකරුවන් ද ඒ අතර සිටිති. පසුගිය වසරවලට සාපේක්ෂව ලියාපදිංචි වූ වාර්තාකරුවන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් ද දක්නට ලැබේ.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට