නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, ලබන 2022 වසරේ මාර්තු මාසයේ සිට, දේශසීමා විවෘත කිරීමටත් විදේශිකයන් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තු වන බව නවසීලන්ත රජය පවසයි.
‘කොවිඩ් 19’ වසංගතය ආරම්භයේ දී එය මනා ලෙස පාලනය කරගත් නවසීලන්තය, මේ වනවිට ‘කොවිඩ් 19’ රැල්ලක් ආරම්භ වී ඇත. දේශසීමා වසා දැමීම කර ඇත්තේ මේ නිසාය. මේ වනවිට නවසීලන්තයේ පැතිර යන්නේ ‘ඩෙල්ටා’ විකෘතියයි.
‘ඩෙල්ටා’ ව්‍යාප්තිය පාලනයට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග මේ වනවිට අනුගමනය කර තිබේ. මාර්තු 1 වැනිදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වුණු විදෙස් සංචාරකයන්ට, ‘කොවිඩ් 19’ පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වා නවසීලන්තයට ඇතුළු වීමට අවසර ලැබෙන බව මාධ්‍ය හමුවේ නිවේදනය කළේ ‘කොවිඩ් 19’ වසංගතය කළමනාකරණය සඳහා පත් කළ අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ය.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය