20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ යෝජනාව මේ වනවිට නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යොමු කර ඇති බවයි.
නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණා
ඊට ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී එල් පීරිස් යන අමාත්‍යවරුන් ඇතුළත් වනවා
මේ අතර අද පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති