20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම් දී තිබේ.
නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම දැනුම් දීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් 20 වන සංශෝධනය සම්මත කිරීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ඊයේ (01)දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීරීක්ෂණ කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති