14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14වැනි සැසිවාරයේ පළමු පූර්ණ රැස්වීම පැවැත්වේ. එම ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා අද (24) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්වූ එම රැස්වීමේ මුලසුන දැරීය.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ආණ්ඩු ව්‍යවස්ථා හා නීති පිළිබඳ කමිටුවේ සභාපති Xin Chunying මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික ආර්ථික සංවර්ධනය පිළිබඳ නීති කෙටුම්පත සංශෝධනය කිරීමේ තත්ත්වය පිළිබඳ කාර්ය වාර්තාව එම රැස්වීමේ දී විමර්ශනය කෙරිණ. එමෙන්ම සිවිල් ගුවන් සේවා නීතියට අදාළ සංශෝධන කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා වන යෝජනා චීන රාජ්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳව චීන රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් චීන ගමනාගමන අමාත්‍ය Liu Wei මහතා තොරතුරු පැහැදිළි කළේය.
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරය පැවැත්වීමට සූදානම් කිරීම, මෙවර ස්ථාවර කමිටුවේ සැසිවාරයේ වැදගත් කාර්යභාරයකි. එහිදී චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය සාධන වාර්තාව විමර්ශනය කෙරිණ. ඊට අමතරව, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයේ න්‍යාය පත්‍රය පරීක්ෂා කිරීම පිළිබඳ ස්ථාවර කමිටු සභාපතිවරයාගේ කවුන්සිලයේ යෝජනාව, සභාපති කමිටුවේ හා ලේකම්වරයාගේ නම් ලැයිස්තුව සහ සැසිවාරයට එක්වන ඡන්දය ලබා නොදෙන ආරාධිතයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කෙටුම්පත් ද එහිදී විමර්ශනය කෙරිණ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්