14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 8 වැනි සැසිය පැවැත්වේ.
එළඹෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය වෙනුවෙන් කටයුතු සූදානම් කිරීම, අද (26) සහ හෙට බෙයිජිං හි දී පැවැත්වෙන එම සැසියේ ප්‍රධාන කාර්යයකි.
“14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව ” සහ ජාතික මහජන කොංග්‍රසයේ සභාපති සම්මේලනය, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ න්‍යාය පත්‍රය, නියෝජිතයන් මෙන්ම සභාපති කණ්ඩායමේ හා මහලේකම්වරයාගේ නම් ලැයිස්තු සලකා බැලීම පිළිබඳ ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් ද එහිදී පරීක්ෂණයට හා සාකච්ඡාවට ගැනේ.
“ චීන මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය රහස් ආරක්ෂණය පිළිබඳ සංශෝධිත නීති කෙටුම්පත ” සම්බන්ධයෙන් එම සැසිය අධීක්ෂණය කරමින් සාකච්ඡා පවත්වයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ