බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ ඇරඹේ.
ඔහු බෙයිජිං නගරයේ සිට ලබන 23වැනි දා මාර්ගගත ක්‍රමයට එම හමුවට එක්වීමට නියමිතහි.මෙවර තේමාව වන්නේ ‘ අධි ගුණාත්මක හවුල්කාරීත්වය ගොඩනංවමින් ගෝලීය සංවර්ධන නව යුගය පොදුවේ නිර්මාණය කිරීම ’ යන්නයි.
එමෙන්ම ලබන 24වැනි දා, ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ සිට වීඩියෝ තාක්ෂණයෙන් ගෝලීය සංවර්ධනය සඳහා වන ප්රමුඛ පෙළේ සංවාදයේ මුලසුන දැරීමට ද නියමිතයි. ‘ නව යුගයේ ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වය ගොඩනගමින් අත්වැල් බැඳගෙන 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුගමනය කිරීම ’ එහි තේමාවයි. බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්, නැගී එන වෙළෙඳපොළ රටවල රාජ්‍ය නායකයෝ හා සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයෝ ද ඊට සහභාගී වෙති.
එමෙන් ම, ෂී ජින් පිං මහතා ලබන 22වැනි දා වීඩියෝ ආකාරයෙන් බ්‍රික්ස් රටවල කාර්මික හා ව්‍යාපාරික කටයුතු පිළිබඳ සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට ද නියමිත ව තිබේ
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්