14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය හෙට ඇරඹේ.
සමාරම්භක උත්සවය හෙට (5) උදෑසන 9ට බෙයිජිංහි මහජන මහශාලාවේදී පැවැත්වේ.
අද(4) පැවති 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුවේදී සැසිවාරයේ ප්‍රකාශක Lou Qinjian මහතා මේ බව ප්‍රකාශ කළේය. හෙතෙම එහිදී සැසිවාර න්‍යාය පත්‍රය සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ කටයුතු සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් දැනුවත් කළේය.
මෙවර සැසිවාරය හෙට (5) සිට එළඹෙන 11වැනිදා දක්වා දින 7 පුරා පැවැත්වෙන අතර එම කාලය තුළදී පූර්ණ රැස්වීම් 3ක් පැවැත්වීමට නියමිත බව Lou Qinjian මහතා එහිදී සඳහන් කළේය.
එසේම සැසිවාරයේ සූදානම් රැස්වීමද අද උදෑසන පැවැත්විණ. සැසිවාර න්‍යාය කෙටුම්පත එහිදී සම්මත කෙරිණ. රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කොට සාකච්ඡා කිරීම සහ 2024 ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සමාලෝචනය කිරීම යනාදී කාර්යයන් හතක් එම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්