අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පරිණිර්වානය සිදු වී වසර 2281 ක් සැපිරෙන එළඹෙන 12 සහ 13 යන දෙදින සෑම නිවසකම බෞද්ධ ධජය ඔසවා තබන ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.
එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 12, 13 යන දිනයන්හී සෑම බෞද්ධ නිවසක් ඉදිරිපිටම පහනක් දැල්වීමටද කටයුතු කරන ලෙසයි.
මිහිදු මහ රහතන් වහන්සේගෙන් ලක්වාසී ජනාතාවට සිදුවූ අමිල සේවාවට කෘතගුණ දැක්වීමක් ලෙස මෙලෙස කොඩි එසවීම සහ පහන් දැල්වීම සිදු කරන ලෙසයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්