10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) ආරම්භ විය. ඉන් අනතුරුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තෝරා පත් කර ගත්තේය. එමෙන්ම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා පත්කෙරුණි.
නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මිය පත් වූ අතර ආණ්ඩු පක්ෂයේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද පත් වී ඇත.
විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් වීම කථානායකවරයා විසින් පිළිගනු ලැබීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති