ෆින්ලන්ත ජනරජයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ Alexander Stub මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (16) සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.
දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්රයත්නයන් සමග චීන-ෆින්ලන්ත සබඳතා සාම්ප්රදායික මිත්රත්වය ඔස්සේ අඛණ්ඩව පවත්වා ගෙන ගිය අතර මෑත වසරවල නව වර්ධනයන් අත්පත් කර ගත් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී ඇත. චීන-ෆින්ලන්ත සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබා දෙන බව ද හෙතෙම පැවසීය. සංවාද සහ සහයෝගීතාවයෙන් චීන-ෆින්ලන්ත මිත්රත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද අපේක්ෂා කෙරේ. එමෙන්ම චීන-ෆින්ලන්ත සබඳතාවන්හි අනාගත නැඹුරුව නව සාමුහික හවුල්කාරිත්වය සමග ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති Alexander Stub මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා ප්රකාශ කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ