බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ දී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනුනු ෆාතිමා අයීෂා අක්‍රම් දැරියගේ ඝාතනය සමබ්න්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු ලබන හය වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරු අද උසාවියට කැඳවූ අවස්ථාවේ දී.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 29 හැවිරිදි වියේ පසුවන අයෙකු අත්අඩංගුවට ගත් අතර පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් එම පුද්ගලයාගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගත්තේ.
වයස අවුරුදු 09ක් වූ ෆාතිමා ආයීෂා දැරිය ඉකුත් 28 වැනි දා පෙරවරුවේ සිය නිවසට ආසන්නයෙන් පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නිවසට නොපැමිණීමත් සමඟ ඇය සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දැරියගේ නිසල සිරුර සොයාගනු ලැබුවේ නිවස අසළ අටුලුගම මහපල්ලිය ඉදිරිපිට කැලෑබද වගුරුබිමක තිබියදීයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති