මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවා මුදාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වර්තා කළා.
රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා පසුගිය අඟහරුවාදා දින නල ලිං කුහරය තුළ සිරවූ අතර, ඒ ගැඹුර මීටර් 32ක් වූ පොළොව අභ්‍යන්තරය තුළයි.
දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ ආසන්නයෙන් මීටර් 27ක් දක්වා කැනීම් කර දරුවාට අසළට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් කැනීමෙන් පසු එම විවරයෙන් රයන් පිටතට ගැනීමට නියමිතයි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්