ඊයේ (24) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගය අතරතුරදී වචන හුවමාරුවක් ඇතිකරගත් ක්‍රීඩකයින් දෙදෙනා ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ළහිරු කුමාර සහ ලිටන් දාස් අතර තරගයේ 5 වැනි පන්දු ඕවරයේදී එම උණුසුම් වචන හුවමාරුව ඇති විය.
එහිදී දෙදෙනාම ක්‍රීඩාවට නුසුදුසු අයුරින් හැසිරී ඇති බව අයි සී සී ය සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දුන්නේය.
ඒ අනුව ළහිරු කුමාරට සහ ලිටන් දාස් ට තරග මුදලින් පිළිවෙලින් 25%ක් සහ 15% දඩ ගැසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
More Stories
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට