හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
ඒ අනුව තීන්ත කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබූ අතර අද අලුයම 3.00 පමණ වන විට ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාවේ හා පොලීසියේ සහාය ඇතිව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව කටයුතු කර තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් එම පරිසරයෙහි වායුවෙහි ගුණාත්මක භාවයට හානියක් සිදුවී ඇද්දැයි සොයා බැලීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති