අනවසරෙන් විදුලිය ලබාගත් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලවකැලේ වටගොඩ වතු නිවාස යෝජනා ක්‍රමයට මෙලෙස විදුලිය ලබාගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වුණා.
තලවකැලේ ඔස්පොඩ් වත්තේ අලුතින් ඉදි කරන ලද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් ඉදි කර ඇති අතර ,එම නිවාස යෝජනා ක්‍රමයට මෙතෙක් විදුලිය ලබා දී නැහැ.
මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් නිවාස ආසන්නයෙන් ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියෙන් අනවසරෙන් විදුලිය ලබාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ මේ සඳහා භාවිතා කළ අනවසර විදුලි රැහැන් කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනා.
සැකකරුවන් (20) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලිසිය මගින් සිදුකිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති