හෙට (19) දිනයේදී ද විදුලි කප්පාදුවක් සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සදහන් කළේ විදුලි ජනනය සදහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා සෙනසුරාදා දිනයේදී ද විදුලිය කප්පාදු කරන බවයි.
A සිට L දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
P සිට W දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.
A සිට L කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇත.
P සිට W දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු