රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට දිනය (20) නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
රට තුළ පවතින ඉන්ධන හිගය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු වාරයේ දෙවන අදියර ලබන ජුනි මස 6 වන සඳුදා දින යළි ආරම්භ වනවා.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු