අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් රාත්‍රී කාලයේ අත්හිටුවා තිබූ විදුලි කප්පාදුව හෙට (2) සිට නැවත ආරම්භ වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20ට හෙට (2) සහ අනිද්දා (3) දිනවල පැය දෙකක් විදුලිය කප්පාදුව සිදු කෙරේ. එම කලාප සඳහා පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා පැයක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් ද වශයෙන් ද විදුලිය විසන්ධි වනු ඇත.
ජුනි 04 වැනිදා පැයක විදුලි කප්පාදුවක් සිදුවන නමුත්, 05 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද ලංකා විදුලි බල මණ්ඩලය පැවැසීය.
විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම විදුලි කප්පාදුව සිදු වේ.
විදුලි කප්පාදු කාලසටහන මෙතැනින් බලන්න

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති