සිරකරුවන්ගේ ජාතික දිනය දා සිරදඬුවම් ලබා සිටින, කලාකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි වෙතැයි අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ. එදිනටජනතාවාදී කලාකරුවකු මෙන්ම,ජනහිතකාමී දේශපාලනඥයකුද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි.ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

මේ අතර පසුගිය 6 වැනිදා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති