දූෂණ වංචා සම්බන්ධයෙන් වසර 22ක සිර දඬුවමක් විඳින, දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුවෙන් හේ ට වත්මන් දකුණූ කොරියානු ජනාධිපති මූ ජේ ඉන් සමාව ලබාදී නිදහස් කර තිබේ.
69 හැවිරිදි පාක් ගුවෙන් හේ දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ ප්‍රථම නායිකාව ද වන්නීය.
ජනාධිපති බලතල අයථා ලෙස භාවිතයට ගැනීම සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ පාක් ගුවෙන් හේ දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීම සිදුවුණු අතර, ඉන්පසු ඇයට වසර 22 ක සිරදඩුවම් නියම විය. ඒ, 2018 දීය.
බන්ධනාගාරගතව සිටිද්දී උරහිසේ සහ පිට කොන්දේ ආබාධ හේතුවෙන්, මෙම වසරේ අවස්ථා තුනකදී රෝහල්ගත කෙරුණි.
වත්මන් ජනාධිපති මූන් ජේ ඉන් ඇයට සමාව දීමට තීරණය කර ඇත්තේ ද ඇගේ අසනීප තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
පාක් ගුවෙන් හේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඇගේ සමීපතම මිතුරියක වන චෝයි සූන් සිල් ගේ පුණ්‍යායතනයකට ඩොලර් මිලියන ගණනක අරමුදල් ලබා දෙන්නැයි එරට ප්‍රබල සමාගම්වලට බලපෑම් කර ඇති බව ද නඩු විභාගයේදී තහවුරු විය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ