ශ‍්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා.
රග්බි සංගමයේ සභාපති එම්.රිස්ලි ඉල්යාස් විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් සදහන් කර ඇත්තේ එම නියෝගය ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන බවයි.
බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම හේතුවෙන් එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා 2019 වසරේ දී රග්බි සංගමයට උපදෙස් ලබාදුන් බව පෙත්සමෙහි සදහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති