කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟ හැටන් කොටගල නගරය හෙට(19) සිට 26 වනදා දක්වා වසා දැමීමට එම නගරයේ වෙළඳ සංගමය තීරණය කර තිබේ.
මේ වනවිට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර කිහිප දෙනෙකු මියගොස් ඇති බව වෙළෙඳ සංගමය පවසයි.
නගරය වසා තැබෙන කාලය තුළ කොටගල ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ සහයෝගය ලබාගෙන නගරය සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට සැලසුම් කර ඇති බව කොටගල වෙළඳ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති