නොවැම්බර් 29 වැනිදා වනවිට ගාසා තීරයේ තාවකාලික සටන් විරාමය හයවන දිනට ක්‍රියාත්මක වේ. එදිනම හමාස් සංවිධානය හා ඊශ්‍රායලය හයවන ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කළේය.
29 වැනිදා පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ තාවකාලික සටන් විරාම ගිවිසුම දීර්ඝ කළ දෙවන දිනයයි. කටාර්හි ප්රවෘත්ති වාර්තාවලට අනුව, තාවකාලික සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කරමින් තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීම, තවත් මානුෂීය ආධාර තොගයක් ගාසා තීරයට ඇතුළුවීමට පහසුකම් ලබා දීම පිළිබඳව වෙනත් පාර්ශ්වයන්ගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානයේ නියෝජිතයෝ සාකච්ඡා කරමින් සිටිති.
එමෙන්ම මේ වනවිට ගාසා තීරයට ඇතුළු වූ මානුෂීය සහන සැපයුම් අවශ්‍යතා සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ(29) ප්‍රකාශ කළේය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය