ඉරානය, චීනය, ඇල්ජීරියාව සහ රුසියාව යන රටවල ඉල්ලීමකට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ Ismail Haniyeh මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වා තිබෙනවා.
එම ඝාතනය චීනය තරයේ හෙළා දකින බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මයක් වන සියලු රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම උල්ලංඝණය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එම රැස්වීමේදී කියා සිටියා.
ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත්, ගාසා තීරයේ සියලුම හමුදා මෙහෙයුම් හා එහි ජනතාවට සාමූහික දඬුවම් පැනවීම වහාම නතර කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.
ඒ සඳහා බලපෑමක් එල්ල කළ හැකි රටවල්, අදාළ පාර්ශ්වවලට බලපෑම් කරමින්, ගාසා තීරයේ යුද්ධය මැඩපැවැත්වීමට උත්සාහ දැරිය යුතු බවයි Fu Cong මහතා සඳහන් කරන්නේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ