සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ කමිටුව ගන්නා ඇතැම් තීරණ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ අවුල් සහගත තත්ත්වයන්ට පත්කිරීමට හේතුවක් වී ඇතැයි රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කළාය.
කොවිඩ් එන්නත ලබාදිය යුත්තේ රෝගීන් වැඩි වශයෙන් හා මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රදේශයන් හඳුනාගෙන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට බව තීරණය කර තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව එම තීරණයන් වෙනස් කිරීමට කටයුතු කිරීමෙන් අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇතැයිද ඇය සඳහන් කළාය.
ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ලක්ෂ පහක තොගයක් අද (25 වැනිදා) ලංකාවට ලැබීමට නියමිත අතර එම එන්නත් ගම්පහ සහ කොළඹ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රදේශයන්හි සිටින වයස අවුරුදු 30 වැඩි පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කරන බව ඇය පවසයි.
ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු මුල්ම එන්නත් තොගය මේ වන විටත් තෝරාගත් පුද්ගල කණ්ඩායම් වෙත සාර්ථකව ලබාදෙමින් සිටින බවද ඇය සඳහන් කළාය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති