‘සෞඛ්‍ය සම්පන්න චීනය පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහය’ නමැති කෘතිය නිකුත් කෙරේ.
මෙම කෘතිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය පර්යේෂණායතනයේ සංස්කරණයකි. මධ්‍යම කාරක සභාවේ සංස්කරණ ප්‍රකාශන ආයතනය පසුගිය දා මෙය ප්‍රකාශයට පත් කර බෙදා හැර තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයෙන් පසු, ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් මධ්‍යම කාරක සභාව ජනතාවාදී සංකල්පයේ අඛණ්ඩ ව රැඳී සිටින අතර, එම කාලය තුළ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබේ.
මෙම කෘතියට, ෂී ජින්පිං මහතා 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා සිදු කළ දේශන, ප්‍රකාශ, මාර්ගෝපදේශ ඇතුළු ලේඛන 140කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් ය.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්