සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වන අතර ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ.

By Dheera

WP Twitter Auto Publish Powered By : XYZScripts.com